වඩාත් වගකීම්සහගත රාජ්ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි!
වඩාත් වගකීම්සහගත රාජ්ය සේවයක් වෙනුවෙන් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්වෙයි!
"සුපිළිපන් රාජ්ය සේවයක් ගොඩනැගීමේ ජාතික මෙහෙයුම" යටතේ දීපව්යාප්තව පවත්වන ලද "සුපිළිපන් දිවුරුම" ජාතික වැඩසටහනට සමගාමීව,
මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලීය වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.
මාතලේ ප්රාදේශීය ලේකම් බී. පී. සේනාධීර මහතාගේ ප්රධානත්වයෙන් සහ කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන 2026.07.27
උදෑසන පැවැත්විණි.
---
**பொறுப்புமிக்க அரச சேவையை நோக்கி இணைந்துகொள்ளும் மாத்தளை பிரதேச செயலகம்!** 
"நற்பண்புகள் மிக்க அரச சேவையை கட்டியெழுப்பும் தேசிய தூதுக்குழுவின்" கீழ் நாடளாவிய ரீதியில் நடத்தப்பட்ட "நற்பண்புகள் மிக்க அரச சேவைக்கான சத்தியப்பிரமாணம்" (திவுරුம) தேசிய வேலைத்திட்டத்திற்கு இணையாக, மாத்தளை பிரதேச செயலகத்தின் வேலைத்திட்டம் வெற்றிகரமாக நடத்தப்பட்டது.
மாத்தளை பிரதேச செயலாளர் திரு. பி. பீ. சேனாதீர அவர்களின் தலைமையில், அலுவலக உத்தியோகத்தர்களின் பங்களிப்புடன் இவ்வேலைத்திட்டம் நேற்று காலை நடைபெற்றது.
---
**Stepping forward for a more accountable public service: The Matale Divisional Secretariat joins in!** 
In parallel with the island-wide "Exemplary Public Service Oath" national program under the National Mission for Building an Exemplary Public Service, the program of the Matale Divisional Secretariat was successfully held.
The event took place yesterday morning under the patronage of the Divisional Secretary of Matale, Mr. B. P. Senadheera, with the participation of the office staff.



ප්රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මාතලේ
========================================
මාතලේ ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී (2026-07-15) පැවැත්විණි.
එහිදි , මාතලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ගැටලු සාකච්ඡා කිරීම සහ කොට්ඨාසයේ ඉදිරි දියුණුවට අවශ්ය තීන්දු තීරණ රැසක් ගැනීම සිදු කරන ලදී.
මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් මෙන්ම මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී සේනාධීර මහතා ඇතුළු කොට්ඨාසයේ ආයතන ප්රධානීන් සහ රාජ්ය නිළධාරින් රැසක් සහභාගි විය.


පසුගියදා නිමාවට පත් වූ 2026 ජාත්යන්තර කාන්තා දින සැමරුම නිමිත්තෙන්, මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය යටතේ ලියාපදිංචි වී ඇති කාන්තා කාර්ය සංවිධාන නියෝජනය කරමින් සාමාජිකාවන් 125 දෙනෙකුගේ සක්රීය සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.
වත්තල ආයුර්වේද ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරී වෛද්ය ඥානක පාඩියප්පෙරුම මහත්මා.විසින් රසවින්දනය පිලිබදව වටිනා දේශනයක් පවත්වන ලදී.
කාන්තා ව්යවසායකත්වය දිරිගැන්වීමේ අරමුණින් පවත්වන ලද තරගයේ ජයග්රාහිකාවන්:
පලාත් අමාත්යංශ - පළමු ස්ථානය : රන්දිමා පියුමාලි
**ස්තූතිය:**
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය වූ මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී සේනාධිර මහතා, වනිතා සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයටත්, සහභාගී වූ දිරිය මව්වරුන්ටත්, සහෝදරියන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය!



"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" - විශ්රාමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවෙයි
මාතලේ ප්රාදේශීය ලේකම් බී.පී. සේනාධිර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ, අප කාර්යාලයේ විශ්රාම වැටුප් අංශයේ සේවාලාභීන් වන වැඩිහිටි ප්රජාවගේ සේවා තෘප්තිය හා සෞඛ්ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
"සුවපත් වැඩිහිටි දිවියකට උපදෙස්" යන තේමාව ඔස්සේ පැවැති මෙම වැඩසටහන, මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ **ඵලදායිතා ඒකකය** විසින් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදෙන ලද්දේ මාතලේ ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ බෝ නොවන රෝග පිළිබඳ වෛද්ය නිලධාරි ඩබ්.කේ.එස්.එම්. වික්රම මහත්මිය සහ එම කාර්යාලයේ සෞඛ්ය නිලධාරින් පිරිසක් විසිනි.
අවුරුදු 60ට වැඩි විශ්රාමික මහත්ම මහත්මීන්ගේ නිරෝගිමත් හා ක්රියාශීලී ජීවන රටාවක් වෙනුවෙන් අවශ්ය වටිනා උපදෙස් රැසක් මෙහිදී ලබා දීමට කටයුතු යෙදිණි.


🇱🇰 මහ පොළොවට ආශිර්වාද පතමින් පැවැත් වූ "මහා දෙවොල්මඩු ශාන්තිකර්මය" සාර්ථකව නිම වෙයි! 🙏✨
රෝග පීඩා, වසංගත උවදුරු දුරු වී රටටත්, ජනතාවටත් සෙත් ප්රාර්ථනා කිරීමේ අරමුණින් මාතලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ මධ්යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද අඩුක්කු පූජාව, දාන මණ්ඩපය සහ පත්තිනි රන් සළඹින් ජනයාට සෙත් වඩන "මහා දෙවොල්මඩු ශාන්තිකර්මය" පසුගිය මාර්තු 20 වන දින මාතලේ කුඹියන්ගොඩ විද්යාසේඛර මූලමහා පිරිවෙන් විහාර පරිශ්රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
කුඹියන්ගොඩ විද්යාසේඛර පිරිවෙන් විහාරාධිපති පූජ්ය තලාතුඔයේ සමිද්ධිසිරි හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු වූ මෙම පුණ්ය මහෝත්සවය සඳහා ප්රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී ආශිර්වාද ලබා ගන්නා ලදී.
ගොවිතැන් බත් සරුසාර වේවා! 
ධන ධාන්ය වර්ධනය වේවා! 
සමස්ත ලක්වැසි ජනයාට සෙත් ශාන්තිය උදාවේවා!
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම රාජ්ය නිලධාරීන්ට, දායක සභාවට සහ සැදැහැවත් ජනතාවට අපගේ ස්තූතිය පිරිනමන්නෙමු.














